42 හැවිරිදි රූමත් කතකට පෙම් බැඳ දත් කැඩෙන්න ගුටි කෑ ළාබාල පෙම්වතාගේ කතාවෙන් පොලීසියත් සයිලන්ට්..! - Maru Gossip

Maru Gossip

Lankawe Hathara watin ahena gossip

test banner

Home Top Ad

Responsive Ads Here

Wednesday, November 1, 2017

42 හැවිරිදි රූමත් කතකට පෙම් බැඳ දත් කැඩෙන්න ගුටි කෑ ළාබාල පෙම්වතාගේ කතාවෙන් පොලීසියත් සයිලන්ට්..!

වසර කීපයක්‌ මැදපෙරදිග ගෘහ සේවිකාවක්‌ ලෙස සේවය කර මෙරටට පැමිණි 42 හැවිරිදි විවාහක කාන්තාවක්‌ අඹුව ලෙස තබාගෙන සිටි වයසින් බාල යුද හමුදා සෙබළෙකුගේ දත් දෙකක්‌ කැඩෙන්නට පහරදුන් ඇයගේ නීත්‍යානුකූල සැමියා හා මාමා අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්‌ෂණ සිදු කරයි.

පොලිසිය පවසන අන්දමට ප්‍රහාරයට ලක්‌වූ කාන්තාවට වඩා අවුරුදු දහයකින් බාල අවිවාහක යුද හමුදා සෙබළා අනුරාධපුර යාපනය හන්දියේදී දරුණු ප්‍රහාරයකට ලක්‌ වී දින කිහිපයක්‌ අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව පසුගියදා අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර තිබේ..

මැදපෙරදිග සිට පැමිණි රූමත් කාන්තාව හා 32 හැවිරිදි යුද හමුදා සෙබළා අතර තිබූ ප්‍රේමයේ ප්‍රතිඵලයක්‌ ලෙස දෙදෙනා පසුගිය දිනක සිට  පවුල් කෑමට පටන්ගෙන ඇති අතර තරුණ සෙබළාට පෙම් බඳින ඇයට සැමියාගෙන් වයස අවුරුදු 22 ක්‌ පමණ වන තරුණ විවාහක පුතකුද සිටින බව සඳහන්.

කාන්තාවගේ සැමියා ඇයට සෙනෙහසින් සිටින බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබුණු අතර සෙබළා සමඟ තිබූ අනියම් පෙම වර්ධනය වී දෙදෙනා අඹු සැමියන් ලෙස කල්ගෙවීමට තීරණය කර තිබූ බව පොලිසිය පැවසූවේය. සැමියා එපා වී නිවසින් නික්‌ම ගිය බිරිඳගේ බඩු මුට්‌ටු සියල්ලම රැගෙන යන ලෙස සැමියා පසුගියදා සෙබළ පෙම්වතාට දන්වා ඇති අතර ඔහුගේ උගුලට අසු වූ සෙබළා සිය පෙම්වතිය සමඟ බඩු බාහිරාදිය රැගෙන යැමට ඔහුගේ නිවසට ගිය අවස්‌ථාවේ දැවැන්ත ගුටි ප්‍රහාරයකට ලක්‌ වී ඇති බව පොලිසිය පැවසූවේය.

ප්‍රහාරයෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලැබූ යුද හමුදා සෙබළා පසුගියදා (21 දා) දිනයේ අනුරාධපුර මූලස්‌ථාන පොලිසියට වැඩිමහල් පෙම්වතිය සමඟ පැමිණ පහරදුන් ඇගේ සැමියාට හා ඔහුගේ පියාට එරෙහිව පැමිණිල්ල ඉදිරිපත් කළේය.

ඒ අවස්‌ථාවේ පොලිස්‌ නිලධාරියකු පවුල් ආරවුලක්‌ සහිත ගැටුම විසඳීම සඳහා සෙබළාට ඇගේ පෙම්වතිය වසර 10 ක්‌ වැඩිමල් නේද යනුවෙන් විමසූ අවස්‌ථාවේ ‘‘ඒක මගේ කැමැත්තනේ‘‘ යනුවෙන් පවසා පෙම්වතිය සමඟ පැමිණිල්ල පොලිස්‌ පොතෙහි සටහන් කළේය.   


No comments:

Post a Comment