15 හැවිරිදි තම ඥාති පුතා සමග ලිංගිකව එක්වූ කැකිරාවේ පුංචි අම්මාට ලැබුණු අමතක නොවෙන දඬුවම. - Maru Gossip

Maru Gossip

Lankawe Hathara watin ahena gossip

test banner

Home Top Ad

Responsive Ads Here

Tuesday, October 31, 2017

15 හැවිරිදි තම ඥාති පුතා සමග ලිංගිකව එක්වූ කැකිරාවේ පුංචි අම්මාට ලැබුණු අමතක නොවෙන දඬුවම.

වයස අවුරුදු 15 ක බාලවයස්කාර තම ඥාති පුතා ලිංගිකව අපයෝජනයකට ලක්කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා තුනක් ලබා සිටි පුංචි අම්මා කෙනෙකු එකී චෝදනාවලට වරදකාරිය බවට තීරණය කළ අනුරාධපුර මහාධිකරණයේ විනිසුරු මහේෂ් වීරමන් ඇයට වසර 21 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.

එක් චෝදනාවකට වසර හත බැගින් වෙන් වෙන් වශයෙන් නියම කෙරුණු මෙම විසි එක් වසරක සිර දඬුවම වසර හතකින් ගෙවී යාමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

මීට අමතරව අධි චෝදනා තුනට වෙන් වෙන්ව රුපියල් 500 බැගින් වූ දඩ නියම කළ මහාධිකරණ විනිසුරුවරයා,එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස තුනකින් වෙන් වෙන් වශයෙන් සිර දඬුවම් නියම කළා.

විත්තිකාරිනියට දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ,පැමිණිලිකාර පාර්ශවය විසින් විත්තිකාරියට එරෙහිව නගා ඇති සියලු චෝදනා සාදාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්වී ඇති බවයි.

මෙසේ බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කළේ කැකිරාව, මරදන්කඩවල ,ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි විවාහක කාන්තාවකටයි.විත්තිකාරියට දඬුවම් නියම කරන අවස්ථාවේ ඇගේ පවුලේ ඥාතීන් අධිකරණ ශාලාවෙන් පිටත රැදී සිටිමින් කෑ ගසා තිබෙනවා.

බාලවයස්කාර පිරිමි දරුවෙකුට ලිංගික අපයෝජනයක් කිරීමේ වරදකට කාන්තාවකට විසි එක් වසරක බරපතල වැඩ සහිත සිරදඩුවමක් මෑත ඉතිහාසයේ නියම වූ පළමු අවස්ථාවද මෙය බවයි වාර්තාවන්නේ.




No comments:

Post a Comment