සිරවීම නිසා බසයෙන් බැස ගන්න බැරි බැරි වුනු පාසල් සිසුවියට කොන්දොස්තර කරපු ජරා වැඩේ - Maru Gossip

Maru Gossip

Lankawe Hathara watin ahena gossip

test banner

Home Top Ad

Responsive Ads Here

Tuesday, October 31, 2017

සිරවීම නිසා බසයෙන් බැස ගන්න බැරි බැරි වුනු පාසල් සිසුවියට කොන්දොස්තර කරපු ජරා වැඩේ

බස් රථයේ දී කොණ්ඩය මිතුරියකගේ බෑගයේ ෂිප්(zip) එකේ පැටලීම නිසා අවශ්‍ය තැනින් බැසීමට නොහැකිව අපහසුතාවට පත්ව අසරණව සිටි 14 හැවිරිදි පාසල් සිසුවියකගේ කොණ්ඩය කිසිදු අනුකම්පාවක් නොමැතිව ඇද දමා දැරියගේ කොණ්ඩය ද කඩා ඇයට රෝහල් ගත වීමට සැලැසූ පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල සිට බණ්ඩාරගම බලා යන මෙම බස් රථයට මෙම සිසුවිය, මිතුරිය හා තවත් සිසුන් ඊයේ දහවල් පාසල නිම වී ගොඩ වී තිබෙනවා.

බසයෙන් බැසීමට තත් කිරීමේදී ඇගේ කොණ්ඩය මිතුරියගේ බෑගයේ පැටලී තිබෙනවා.

එවිට ඇය හා මිතුරිය දැඩි උත්සහයක් ගෙන කොණ්ඩය හා බෑගය වෙන් කිරීමට තැත් කළ ද එය අසාර්ථක වී තිබෙනවා.

බස් රථය යාමට පමාවන බව පැවසු කොන්දොස්තර කර ඇත්තේ සිසුවියගේ කොණ්ඩය බෑගයෙන් වෙන්වන සේ ඇද දැමීමයි.

එවිට අඩියක් පමණ කොන්ද කොටසක් කැඩි ගොස් ඇති අතර පුංචි දැරියගේ හිස දැඩි වේදනාවකට ලක් ව තිබෙනවා.

පසුව නිවසට ගොස් මේ බව පැවසු ඇය තම හිසට දැඩි වේදනාවක් දැනෙන බවත් කියා සිටියා.

නිවැසියන් බණ්ඩාරගම පොලිසියේ පැමිණිල්ලක් කළ අතර සිසුවිය රෝහල් ගත කළා.

වහා ක්‍රියාත්මක වූ පොලිසිය 43 හැවිරිදි දරුවන් සිටින පියෙකු වන කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගත්තා. 

No comments:

Post a Comment