"නිවසින් අතහැර දැමූ මහලු පියෙක්" මගේ දරුවනේ නුඹලා හොදින් ඉඳපන් - Maru Gossip

Maru Gossip

Lankawe Hathara watin ahena gossip

test banner

Home Top Ad

Responsive Ads Here

Tuesday, October 31, 2017

"නිවසින් අතහැර දැමූ මහලු පියෙක්" මගේ දරුවනේ නුඹලා හොදින් ඉඳපන්

නිවසින් අතහැර දැමූ මහලු පියෙකු පොලිස් නිළධාරීන් විසින් බේරාගෙන පිහිට වූ පුවතක් වාර්තා වෙනවා. ඒ අනුරාධපුර පොලිස් ස්ථානයෙන්.

කිසියම් අයකු විසින් ගෙනැවිත් දමන්නට ඇතැයි සැක කෙරෙන වයෝවෘද්ධ මහලු පියෙකු, ඇවිදීමට නොහැකිව මාර්ගය අසල වැතිරී සිටින බවට අනුරාධපුර පොලීසියට ඇමතුමක් පෙරේදා (29) රාත්‍රීයේ ඇමතුමක් ලැබී තිබුනා.

ඇමතුමෙන් පසූ වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්‌ථානයට රාත්‍රියේම පැමිණ මහලු පියා ඔසවා, පැණි බීම බෝතලයක්‌ බීමට ලබා දී ඉන් අනතුරුව එම ස්‌ථානයට ට්‍රොලියක්‌ ගෙන්වා මේ මහලු පියා රෝහලට රැගෙන ගොස්‌ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් එම මහලු පියාට වයස අවුරුදු 76 ක්‌ පමණ වන බවත්, වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියෙකු බවත්, පොලිසිය අනාවරණය කරගෙන තිබෙන බව සදහන්. තමන් මෙම ස්‌ථානයට පැමිණියේ කෙසේ ද යන්න හෝ නැතහොත් ගෙනැවිත් දැම්මේ කවුද යන්න පිළිබඳව ඔහුට කිසිදු මතකයක් නොමැති බව පොලීසියට පවසා තිබෙනවා.

භාරකරුවකු නොමැති නිසා අසල්වාසීන් මෙම මහලු පියා රෝහලට ඇතුළත් කිරීම සඳහා මැලිව තිබෙන බව සදහන්. කෙසේ වෙතත් දරුවන් විසින් තමන් දැඩි කළ දෙමාපියන් මහපාරට ඇද දමනා යුගයක , පොලිස් නිළධාරීන් විසින් සිදුකළ මෙම අසල්වාසීන්ගේ නොමද ප්‍රශංසාවට ලක්ව තිබුනා.


No comments:

Post a Comment