"හිටපු ජනපතිවරයා මට ලිංගික අතවර කළා , බිරිඳත් ලගින් තියාගෙන පස්සෙන් අත දාලා මාව ඇල්ලුවා" ; හිටපු ජනපතිවරයාට ජනප්‍රිය නිළියගෙන් ලිංගික අතවරයක් ගැන චෝදනා .! - Maru Gossip

Maru Gossip

Lankawe Hathara watin ahena gossip

test banner

Home Top Ad

Responsive Ads Here

Tuesday, October 31, 2017

"හිටපු ජනපතිවරයා මට ලිංගික අතවර කළා , බිරිඳත් ලගින් තියාගෙන පස්සෙන් අත දාලා මාව ඇල්ලුවා" ; හිටපු ජනපතිවරයාට ජනප්‍රිය නිළියගෙන් ලිංගික අතවරයක් ගැන චෝදනා .!

නිළියකට ලිංගික අපහාස කළ බවට චෝදනා එල්ලව සිටින ඇමෙරිකා එක්‌සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝර්ඡ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) එම නිළියගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

93 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා ඔහුගේ රෝද පුටුවේ පිටුපසින් අත දමා තමන් "ස්‌පර්ශ කළ" බවට හෙදර් ලින්ඩ් නැමැති නිළියක විසින් හිටපු ජනපතිවරයාට මින් පෙර චෝදනා කර තිබුනා. ඒ ඇයගේ ඉන්ස්ටාග්‍රෑම් ගිණුම හරහා.

එහිදි ඇය විසින් සදහන් කර තිබුනේ හරිකේන් කුණාටුවලින් විපතට පත් වූවන් වෙනුවෙන් පසුගියදා පැවති උත්සවයකදී හිටපු ජනාධිපති බරක්‌ ඔබාමා හිටපු ජනාධිපති ජ්‍යෙෂ්ඨ බුෂ්ගේ අතින් අල්ලා ගෙන සිටින අවස්‌ථාව දුටු විට තමන් කම්පනයට පත් වූ බවයි.

"මමත් ඒ වගේම ෆොටෝ එකකට පෙනී හිටපු වෙලාවේ එයා මට ලිංගික අතවර කළා. එයා මට අතට අත දුන්නේ නෑ. ඒ වෙනුවට එයාගේ බිරිඳ බාබරාත් ලඟින් ඉන්න අතරේ පිටිපස්‌සෙන් අත දාල මාව ස්‌පර්ශ කළා, එයා මට කැත විහිළු කළා. ඊට පස්‌සේ අපි ෆොටෝ එකක්‌ ගන්න කොට එකපාරටම ආයෙත් මාව ස්‌පර්ශ කළා." යනුවෙන් හෙදර් සිය ඉන්ස්ටාග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුනා.

කෙසේ වෙතත් ඇයගේ ඉන්ස්ටාග්‍රෑම් සටහනෙන් පසුව හිටපු ජනපතිවරයා වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශයෙක් සිදුවීම සම්බන්ධයෙන් හෙදර් ගෙන් සමාව ගෙන තිබුනා. එම ප්‍රකාශයා මාධ්‍යයට පවසා තිබුනේ හිටපු ජනාධිපතිවරයා ඒ අවස්‌ථාවේ විහිළුවක්‌ කිරීමට උත්සාහ කළ බවයි.

"ජනාධිපති බුෂ් කිසිදු අවස්‌ථාවක - කුමන තත්වයක්‌ යටතේ වුවත්, කිසිවකුටත් දැනුවත්ව සිත් තැවුලක්‌ ඇති නොකරන" බවත් "විහිළුවක්‌ කිරීමට ඔහු දැරූ උත්සාහය මගින් ලින්ඩ් මහත්මියට සිත් තැවුලක්‌ වූයේ නම් ඔහු අවංකවම සමාව ඉල්ලා සිටින" බවත් හිට්‍රපු ජනපතිවරයාගේ ප්‍රකාශකයා නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා

1989 සිට 1993 දක්‌වා ඇමෙරිකා එක්‌සත් ජනපදයේ ජනාධිපති ධුරය හෙබවූ ජ්‍යෙෂ්ඨ ජෝර්ඡ් බුෂ්, 2001 සිට 2009 දක්‌වා දෙවතාවක්‌ම ජනපති පදවිය දැරූ ජෝර්ඡ් ඩබ්ලිව් බුෂ්ගේ පියාය. මේ වන විට පාකින්සන් රෝගයෙන් පෙළෙන ඔහුට ඇවිදීම අපහසු බැවින් රෝද පුටුවක්‌ භාවිත කරයි.


No comments:

Post a Comment